Published On: Sun, Aug 13th, 2017

සුමාත්‍රාවල භූ කම්පනයක් – අවදානයෙන් සිටින්නැයි වෙරළබඩ ජනතාවට දැනුම්දීමක්

Loading...
Share This
Tags

ඉන්දුනීසියාවේ – සුමාත්‍රා දිවයිනට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා. රික්ටර් පරිමාණයේ 6.4 ක භූ කම්පනයක් ලෙස මෙය සටහන්ව ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

සුමාත්‍රාවේ – බෙන්කුලු නගරයට කිලෝමීටර් 81 ක් බටහිර දෙසින් මුහුදේ කිලෝමීටර් 67 ක් ගැඹුරෙන් මෙම භූ කම්පනය සිදුවී ඇති බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය වැඩි දුරටත් ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ.

කෙසේවෙතත් මේ පිළිබඳව ජනතාව කලබල විය යුතු නැති බවයි ආපදා කළමණාකාරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------