Published On: Thu, Jan 8th, 2015

‘රම්බෝ’ නැවතත්

Loading...
Share This
Tags

s63-sepikරම්බෝ චිත්‍රපට මාලාවේ පස්වැනි චිත්‍රපටයද නිර්මාණය කිරීමට එහි ප්‍රධාන නළු සිල්වෙස්ටර් ස්ටැලෝන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එය නම්කර ඇත්තේ Rambo Last Blood නමිනි.

සිල්වෙස්ටර්ස්ටැලෝන් රංගනයෙන් දායක වූ මෙහි පළමු චිත්‍රපටය 1982 වර්ෂයේ එළිදැක්වූවකි.

මෙම පස්වැනි චිත්‍රපටයේ තිරපිටපතද ස්ටෙලෝන්ගෙනි. ජර්මනියේ චිත්‍රපට සමාගමක් වූ ස්ප්ලෙන්ඩිඩ් ෆිල්ම් සමාගම මෙහි නිෂ්පාදන කටයුතු සිදුකිරීමට නියමිතය.

2013 වර්ෂයේදී රම්බෝ චිත්‍රපටය රූපවාහිනී කතාමාලවක් ලෙසින් නිර්මාණය වුවදසිල්වෙස්ටර් ස්ටැලෝන් එහි ප්‍රධාන නළුවා නොවූයෙන් එම කතාමාලාවේ සාර්ථකත්වයක් පිළිබිඹු නොවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් මෙම නවතම රම්බෝ චිත්‍රපටය 2016 වර්ෂයේදී තිරගත කිරීමට නියමිතව ඇති අතර, ස්ටැලෝන් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ එක්ස්පෙන්ඩබල්ස් චිත්‍රපට මාලාව හේතුවෙන් මෙම රම්බෝ චිත්‍රපටය කල්ගිය බවද විදෙස් මාධ්‍ය පෙන්වාදෙයි.

– See more at: http://ada.lk/article/44530/-%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D–%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A#sthash.D2E6ypLw.dpuf

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------