Published On: Tue, Jan 10th, 2017

වසර ගණනකට පසු ඩයනා කුමරිය ගැන රහසක් හෙළිවෙයි..

Loading...
Share This
Tags

e188එංගලන්තයේ රෝස කුසුම ලෙස හැඳින්වෙන ඩයනා කුමරිය සැබෑවටම රෝස කුසුමක් වූයේ ඇගේ ස්වාභාවික සුන්දරත්වය නිසාමයි. ඒ වගේම ඒ ස්වාභාවික සුන්දරත්වය තවත් ඔපවත් කරගන්නට ඇය බොහෝ යහපත් රූපලාවණ්‍ය පුරුදු රැසක් අනුගමනය කළා. ඩයනාගේ එම යහපත් රූපලාවණ්‍ය පුරුදු පිළිබඳ ඇගේ පෞද්ගලික රූපලාවණ්‍ය ශිල්පිනිය වන මේරි ග්‍රීන්වෙල් පසුගිය දිනෙක මාධ්‍යයට පවසා තිබුණා.

ඇයට විශ්වාස කළ නොහැකි විදියේ සුන්දර සමක් තිබුණා. ඒ නිසාම ඇය සමේ ආරක්‍ෂාව පිළිබඳ වැඩියෙන් සිතුවා. ඒ නිසාම සෑම දිනකම අවසානයේ මුහුණ ක්ලෙන්සර් කර, ටෝනර් ගල්වා, ඉන්පසුව ඇය සමට හොඳ මොයිෂරයිසර් එකක් ගල්වූවා. ඉන් අනතුරුව මොයිෂ්වරයිසින් සීරම් එකක් ගැල්වන්නත් අමතක කළේ නැහැ.

ඇය නිතරම හොඳ නින්දක් ලබාගත්තා. සමේ පැහැයට සහ තරුණ බවට හොඳ නින්දක් අත්‍යවශ්‍යයි. ඒ නිසාම කුමරිය මහන්සියක් දැනෙන විට කෙටි නින්දක් ලබාගන්නවා. එය ආතතිය මඟහැරවීමටත් වඩාත් සුදුසුයි. ආතතිය මඟ හැරෙන විට සම ඉබේම පැහැපත් වෙනවා.

මම ඩයනා කුමරියට සේවය කරන්නට පටන්ගත් විට ඇය ඉතාම සරල බව මම තේරුම් ගත්තා. ඇය කිසි විටෙක මත්පැන් හෝ දුම්වැටි පාවිච්චි කළේ නැහැ. ඇල්කොහොල් සමට ඉතාම අහිතකර බව ඇය දැන සිටියා.

අපි මුලින්ම ඇගේ මුහුණේ මොයිෂ්චරයිසර් ගල්වනවා. ඉන්පසු ඇගේ සමේ පැහැයට ගැළපෙන ෆවුන්ඩේෂන් ගල්වා, ඉන්පසු දෑස්වල මේක් – අප් ගැල්වීම සාමාන්‍ය ක්‍රමයයි.

නමුත් තොල් ආලේපනවල වර්ණය සෑම විටම වෙනස් වෙනවා. තොල් ආලේපන ගන්වන්නේ ඒ අවස්ථාවේ ඇගේ මනෝභාවය අනුවයි.

කුමරිය සෑම විටම ඇස් ආලේපන ගැල්වූවා. නමුත් ඇය කිසිම විටෙක ඇස් ආලේපන ඇසේ වර්ණය සමඟ ගළපන්නේ නැහැ. එයින් ඇස්වලට අඳුරු පැහැයක් ලැබෙන බව ඇගේ අදහසයි.

ඇය නිතරම දෑස්වල මස්කාරා ගල්වනවා. ඒ වගේම මස්කාරා ගැල්වීමේදී ඇයට තිබුණේ ඇයටම අනන්‍ය වූ ක්‍රමයක්. ඇය නිතරම ඇස් පිහාටු තද කළු වනතුරු මස්කාරා ගැල්වූවා.

කුමරිය හැමවිටම සුවඳ විලවුන් ගැල්වූවා. ඇයට හොඳ සුවඳ විලවුන් එකතුවක් තිබුණා. සුවඳ විලවුන් ගලවන්නේ නැතිව කුමරිය කොහෙවත් යන්නේ නැහැ. සියලු මේක් – අප් කිරීම්වලින් අනතුරුව ඇය සුවඳ විලවුන් ගල්වනවා.

1990 වසරේදී වෝග් සඟරාව සඳහා කවරයේ ඡායාරූපයක් ගැනීමට අවශ්‍ය වුණා. ඒ වෙලාවේ, කුමරිය ඇගේ පෞද්ගලික කොණ්ඩා මෝස්තර ශිල්පියා වන සෑම් මැක්නයිට් හමුවෙලා කොණ්ඩය කෙටි වන තුරුම කපා දැම්මා. ඒ තුළින් ඇය ඇයටම අනන්‍යතාවක් ගොඩ නඟා ගත්තා. අද දවසෙත් ඒ කොණ්ඩ විලාසිතාව අනුගමනය කරන අය ඕනෑ තරම් දැකගන්න පුළුවන්.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------