Published On: Sat, Aug 30th, 2014

ඇන්ජලීනා ජොලී සහ බ්‍රැඩ් විවාහ වෙයි

Loading...

brad-pitt-and-angelina-jolie-wedding-adagossipවසර 2012 අප්‍රියෙල් මස සිට විවාහ ගිවිසගෙන සිටි සුපිරි හොලිවුඩ් තරු යුවලක් වන ඇන්ජලීනා ජොලී සහ බ්‍රැඩ් පිට් විවාහ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය සෙනසුරාදා ප්‍රංශයේ Chateau Miraval ප්‍රදේශයේ පිහිටා ඇති කුඩා දේවස්ථානයක ඔවුන් දෙදෙනා විවාහ චාරිත්‍ර සිදු කර තිබේ.

මෙම අවස්ථාවට ඔවුන්ගේ දරුවන්ද සහභාගී වී ඇති අතර ඇන්ජලීනාව අල්තාරය වෙත කැඳවාගෙන පැමිණ ඇත්තේ ඇගේ වැඩිමල් පුතුන් දෙදෙනා වන මැඩොක්ස් සහ පැක්ස් බවද පැවසේ.

එමෙන්ම  ඔවුන්ගේ දියණියන් වන සහාරා සහ විවියන් මල් ඉසිමින් මනමාලියට ඉදිරියෙන් ගමන් කර ඇති අතර මුදු රැගෙන පැමිණ ඇත්තේ ඔවුන්ගේ 8 හැවිරිදි දියණිය ෂිලෝ සහ 6 හැවිරිදි පුත් ක්නොක්ස් බව වාර්තා වේ.

මේ වනවිට බ්‍රැඩ් පිට්ගේ වයස අවුරුදු 50ක් වන අතර ඇන්ජලීනා 39 වන වියේ පසුවෙයි. ඔවුන් දෙදෙනාගේ ආදර සම්බන්ධය ආරම්භ වූයේ වසර 2005දීය.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------