Published On: Wed, Oct 7th, 2015

ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපට 4ක් ඉදිරියට

Loading...
Share This
Tags

q8e357228e6a8827_Lමෝටර් රථ විශාල රොබෝවන් බවට පරිවර්තනය වන ‘ට්‍රාන්ස්ෆෝමස්’ චිත්‍රපටයට ඇලුම් කරන ඔබට එහි නිෂ්පාදන සමාගමෙහි ප්‍රධානියා සුභ ආරංචියක් ගෙනැවිත් තිබේ.

ඒ අනාගතයේදී ඔවුන් තවත් ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපට 4ක් නිෂ්පාදනය කිරීමට සූදානම් වන බවයි.

ට්‍රන්ස්ෆෝමර්ස් චිත්‍රපටය නිෂ්පාදනය කළ හස්බ්‍රෝ ස්ටුඩියෝ සමාගමෙහි ප්‍රධානියා වන ස්ටීවන් ජේ. ඩේවිස් පසුගියදා ප්‍රංශයේ කෑන්ස් හිදී පැවති සාකච්ඡාවකදී මේ බව හෙළි කර තිබේ.

අවසන් වරට තිරගත වූයේ ‘ට්‍රාන්ස්ෆෝමර්ස්: ඒජ් ඔෆ් එක්ස්ටිංෂන්’ චිත්‍රපටය වන අතර ඉදිරි වසර 10 ඇතුලත එහි මීළඟ කොටස් 4ක් තිරගත වීමට නියමිත වේ.

එම චිත්‍රපට වල එන කතාද රචකයන් කණ්ඩායමක් විසින් මේ වනවිටත් දළ වශයෙන් සකස් කර ඇති බවද ඔහු තවදුරටත් හෙළි කර තිබේ.

ඉදිරි චිත්‍රපට වල අධ්‍යක්ෂකවරු කවුරුන්ද යන්න මෙතෙක් හෙළි කර නොමැති අතර මුල් චිත්‍රපට 4 අධ්‍යක්ෂණය කළ මයිකල් බේ මෙතෙක් 5 වැනි චිත්‍රපටය සඳහා ගිවිසුම් අත්සන් කර නොමැත.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------