Published On: Sat, Jul 26th, 2014

Lanka Ashok Leyland ඉන්දියාවට යවන්න ට්‍රක් රථ හදයි

Loading...
Share This
Tags

ashok-leyland-mini-truckජූලි 26, 2014 (විමසුම) – Ashok Leyland of India සහ Lanka Leyland හි බද්ධ ව්‍යාපාරයක් වන Lanka Ashok Leyland සමාගම ඉන්දීය වෙළඳපලට සැපයිය හැකි ආකාරයේ කුඩා ට්‍රක් රථ එකලස් කිරීමට සැරසෙයි.
ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළේ මෙම කුඩා ට්‍රක් රථ විශේෂයෙන්ම දකුණු ඉන්දීය වෙළඳපලට ඔබින අයුරින් නිර්මාණය වන බවයි.

Lanka Ashok Leyland හි ප්‍රධාන විධායක නිළධාරියා ඉන්දීය මාධ්‍යයට පවසා ඇත්තේ දකුණු ඉන්දියාවේ අළෙවියට අවශ්‍ය එම ට්‍රක් රථ උතුරු ඉන්දියාවේ සිට එකලස් කොට යළි දකුණු ඉන්දියාවට යැවීමට වඩා ලංකාවේ ඒවා එකලස් කොට චෙන්නායි වෙත යැවීම වඩාත් වාසිදායක බවයි.

“මෙමගින් අපට හතරෙන් එකක විතර වියදම් අඩු වීමක් සිද්ධ වෙනවා.” Lanka Ashok Leyland හි ප්‍රධාන විධායක නිළධාරියා කියයි.

මෙම කටයුත්ත සඳහා හෝමාගම පිහිටි එකලස් කිරීමේ අංගනය සක්‍රිය ලෙස භාවිතයට ගැනීමට නියමිතයි.

මේ සඳහා අවශ්‍ය වන රබර්, බැටරි, ආසන, ඉන්ධන ටැංකි ආදිය ද ශ්‍රී ලංකාවේ දේශීය සැපයුම්කරුවන්ගෙන්ම ලබා ගැනීමට සැලසුම් කර ඇත.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------