Published On: Sat, Jul 29th, 2017

කුණු පාරට දමා ඇල්ලුවාම පොලිස්පතිගේ මස්සිනා යකා නටපු හැටි (වීඩියෝ)

Loading...
Share This
Tags

මේ දිනවල උග්‍රවී ඇති ඩෙංගු රෝගය ව්‍යාප්ත කිරීම සඳහා මේ දිනවල සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ජංගම සංචාරවල නිරත වෙමින් මහජනතාව රෝගය බිලිවීම අවම කර ගැනීමට උත්සහ දැරීම දක්නට ඇති කරුණක්.

මේ ආකාරයට කැළනිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ රෝග මර්දන ඒකකය සහ එම ප්‍රදේශය භාරව සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් කැළනිය මානෙල්ගම ප්‍රදේශයේ ජංගම සංචාරයේ නිරත වෙමින් සිටියදී කාන්තාවක් පැමිණ පාරට කුණු දමන ආකාරයක් නිරීක්ශණය කොට තිබෙනවා.

ඉන් පසු ඇයව හඹා ගොස් මේ පිළිබඳව නිතී මගින් කටයුතු කිරීමට යෑමේදී ඉතා උණුසුම් කාරී තත්වයක් එම නිවෙස් හිමියන් සහ එම නිලදාරීන් අතර ඇතිවී තීබ්නවා.

කාන්තාව නිවෙසට වී දොර වසාගෙන සිටියදී නිවෙස් වැසියෙක් කාර් රථයකින් පැමිණ ඉතා පරුශ වචනයෙන් බැණ ගැටුමකට යෑමට උත්සහ ගෙන තිබෙනවා.
නමින් ඔහු “රංජි”ලෙස පොලිස් නිලධාරීන් ද හඳුනාගෙන තිබෙනවා.

ඔහු ගටුමකට පමිණීම නිසා නිසා එම ප්‍රදේශය බාරව සිටින පෑලියගොඩ පොලිස් පරිසර කොඨ්ඨාශයේ නිලධාරීන් ද යුධ හමුදා නිලධාරීන්ද පමිණ තිබෙනවා.
අදාල කාන්තවගෙන් ප්‍රකාශ සටහන් කර ගනීමට පොලිසියේ කාන්තා පොලිස් නිලධාරිනියක් ද අදාල ස්ථානයට කඳවා තිබෙනවා.

එහෙත් පොලිසියට සහ හමුදා නිලධාරීන්ටද “එකෙක් දොර අරින්නේ නෑ…..මම පොලිස්පතිගේ මස්සිනා හු**.මට ඕන දෙයක් කරන්න පුලුවන්…ඒක දැනගනින්” කියා ඔහු ඉතා පහත් ස්වරූපයෙන් හැසිරී තිබෙනවා.

එයින් අසරණ වී ඇති පෑලියගොඩ පොලිසියේ නිලධාරීන්ද ආපසු හැරී ගොස් ඇති අතර පොලිස්පතිගේ මස්සිනා විසින් මරණ තර්ජනය කල කැළනිය රෝග මර්දන ඒකකයේ සහයකයා විසින් පැමිණිල්ලක් පෑලියගොඩ පොලිසියේ දමා තිබෙනවා.

අප ප්‍රශ්න කරන්නේ නීතිය රැකිය යුතු පොලිස් නිලදාරීන්ටද තර්ජනය කර, සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට මරණ තර්ජනය කල මෙවැනි පුද්ගලයන් හට නීතිය ක්‍රියාත්මක කිරීමට තවමත් ප්‍රමාද වන්නේ ඔහු පොලිස්පතිවරයාගේ මස්සිනා වීම නිසාද..? යන්නය.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------