Published On: Wed, Sep 13th, 2017

සිල් රෙදි නඩුවේ සිර කරුවන් දෙදෙනා චයිනීස් කෑම කනවාලූ , ඇමතිගේ මූණටම රංජන් කියපු කතාව (වීඩියෝ)

Loading...
Share This
Tags

සිල් රෙදි නඩු තීන්දුවෙන් සිර ගත කර තිබෙන හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට එරෙහිව වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවක් පැවතුනා.

මෙම විරෝධතාව සදහා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකද පැමිණි සිටි අතර ඉන්පසුව විරෝධතාකරුවන් හමුවී සාකච්ඡා කිරීමට ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන,නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන්ද පැමිණියා.

එහිදි ස්වාමිනාදන් අමාත්‍යවරයාට රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවර‍යා පැමිණිලි කළේ සිරගතව සිටින හිටපු රාජ්‍ය සේවකයන් දෙදෙනාට චීන ආහාර ලැබෙන බවයි.

රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ
” දැන් අපි අල්ලලා දාපු හොරු දෙන්නට චයිනීස් එවන්නේ මොකද ඇමතිතුමා , ඒක නවත්තන්න මොකද ඒ ගොල්ලෝ කෝටී හැටක් හො‍රකම් කරලා තියෙනවා” යනුවෙනි.

සිදුවීමට අදාළ විඩීයෝව පහතින්

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------