Published On: Thu, Nov 9th, 2017

අයවැය 2018 : සම්පුර්ණ යෝජනාවලිය

Loading...
Share This
Tags

නොවැ 9, 2017 18:51
2018 අයවැය යෝජනාව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ ය.

එම යෝජනා පහතින්,

අයවැය සමීක්ෂණය සඳහා ඒකකයක්.

2018/4/1 සිට කෙටි පණිවිඩ අලෙවි ප්‍රචාරයන් සඳහා පණිවිඩයකට ශත 25ක ගාස්තුවක්.

පානීය නොවන මත්ද්‍රව්‍ය සඳහා රුපියල් 15ක බද්දක් .

සුරාබදු ආදායම් කළමනාකරන පද්ධතියක්.

දුම්වැටි ආනයන හා සුරුට්ටු ආනයන බලපත්‍ර නිකුත් වේ.

2018/1/1 සිට ආනයනට අදාළ සියලු ලියකිලිවිලි මෙහෙයවීම ස්වයංක්‍රීයව.

නිර්බාධක වෙළඳාම දියුණු වේ.

නව රේගු පනතක්.

2018/4/1 සිට ක්‍රියාත්මක පරිදි බැංකු ගණුදෙනු මත රුපියල් 1000ට ශත 20ක් පරිදි ණය ආපසු ගෙවීමේ බද්දක්.

2018 වසර සඳහා සිදුකිරිමට නියමිත රාජ්‍ය අයෝජන අඩු කරන්නේ නෑ.

2018 වසරට ණය ආපසු ගෙවීමට බිලියන 1970ක් තිබේ.

සෑම වසරකම බිලියන 600ක කල්පිරෙන බැඳුම්කර තිබේ.

රුපියල් බිලියන 7000ක ණයක් ඉදිරි වසර තුනේදී ගෙවන්න තිබේ.

පාරිභෝගික අධිකාරිය හා පනත ශක්තිමත් වේ.

ගාස්තුවකින් තොරව පොදු ස්ථාන වල සිල්ලර වෙළඳසැල් ස්ථාපනය වේ.

අතුරුදන් වූවන්ගේ කාර්යාලය සඳහා මිලියන 1500ක්.

වසන්තම් රුපවාහිනිය සංවර්ධනය වේ.

යාපනයට නව ආර්ථික මධ්‍යස්ථායක්.

මයිලඩි වරාය සංවර්ධනය වේ.

ආහාර සැකසුම් මධ්‍යස්ථා දෙකක්.

උතුරට තවත් නිවාස 50000ක්.

රජයේ සේවයකයන්ට වාහන සඳහා ලබාදෙන බදු සහනය තවදුරටත්.

2016න් පසු විශ්‍රාමිකයන්ට ජීවිතාන්තය තෙක් අග්‍රාහාරය.

රාජ්‍ය සේවකයන් 500ට වැඩි ආයතන වල ළමා සුරැකුම් මධ්‍යස්ථාන.

රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා සඳහා පූර්ණ අධ්‍යනයක්.

පළාත් පාලන ආයතනවල ශක්තිය වර්ධනය වේ.

රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා ඒකාබද්ධ වැටුප් ක්‍රමයක්.

ඒකාබද්ධ භාණ්ඩාගාර තොරතුරු කළමණාකන පද්ධතියක්.

ICTA වෙනුවෙන් රුපියල් මිලියන 2000ක්.

ඩිජිටල්කරණය තුළින් රජයේ සේවා විධිමත් වේ.

නැගි එන මැදි හා ඉහළ ආදායම් ලබන ජනතාව සිටින නගර ආශ්‍රිතව විනෝදාත්මක පහසුකම්.

බෞද්ධ පුස්තකාලයක් ඇරඹීමට මිලියන 50ක්.

ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 250ක්.

අනුරාධපුර, ශ්‍රී පාදය, මඩු, නල්ලූර් විශ්‍රාම ශාලා ඉදිකිරීමට මිලියන 100ක්.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට රුපියල් බිලියන 2.5ක ප්‍රාග්ධනයක්.

ප්‍රාග්ධන වෙළඳපොළ ශක්තිමත් වේ.

බාල අපරාධකරුවන් හා වින්දිතයන් අධිකරණය රැගෙන යාමේදී ගැටලු සඳහා පිළියමක් ලෙස ඔවුන්ව වෙන්ව ප්‍රවාහනය කිරීමට වාහන.

අධිකරණ තුළ ගොඩගැසි ඇති මූල්‍ය, දූෂණ ඇතුළු අඩු විශාල නඩු ප්‍රමාදවීම් වැළැක්වීම සඳහා අධිකරණ පරිපාලන කටයුතු වේගයත් කිරිමට නවීන ශව්‍ය දෘෂ්‍ය පටිගත කිරීමේ විශේෂ උසාවියක් වෙනුවෙන් මිලියන 25ක්.

ශ්‍රී ලංකා පොලීසියේ අන්තර්ජාල විමර්ශන අංශය බලාත්මක වේ.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සඳහා වැඩි අවස්ථා.

ප්‍රජාපොලිස් කටයුතු සඳහා රුපියල් මිලියන 100ක්.

පොලිස් හා අපරාධ කටයුතු පිළිබඳ විශ්වවිද්‍යාලයක්.

සහසර වෙනුවෙන් පෞද්ගලික අංශයේ සහාය.

ඒකාබද්ධ ප්‍රවාහන කාලසටහන්.

කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ නගර සංවර්ධනය වේ.

මධ්‍යම අධිවේගය ඉදිරියට.

ග්‍රාමීය මාර්ග සංවර්ධනය වේ.

ගංවතුරෙන් මාර්ග යථා තත්ත්වයට පත්කිරීමට මිලියන 4000ක්.

රටේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන සංවර්ධන ක්‍රියාවලියක්.

ගාල්ල, මහනුවර, යාපනය සංවර්ධනයට මිලියන 12000ක්.

නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට රුපියල් මිලියන 24000ක්.

ඒකාබද්ධ ගංවතුර පාලන ක්‍රමයක් කොළඹ හා තදාසන්න ප්‍රදේශයන් සඳහා.

මැදි ආදායම් ලාභීන් වෙනුවෙන් සාධාරන මිලකට නිවාස මිලදී ගැනීමට රජය මැදිහත් වේ.

වැවිලි කර්මාන්තයේ යෙදෙන ජනතාව වෙනුවෙන් නිවාස 25000කට රුපියල් මිලියන 2000ක්.

උතුරු නැගෙනහිර යළි පදිංචි කිරිමේදි නිවාස ඉදිකිරීමට තවත් මිලියන 3000ක්.

නාගරික ජනාවාස වෙනුවෙන් රුපියල් බිලියන 17.5ක්.

මත්පැන් මත ජාතිය ගොඩ නැගීමේ බද්ද 2018/4/01 සිට.

මධ්‍යසාර බදු ව්‍යුහය යථාවත් වේ.

පෞද්ගලික සනීපාරක්ෂක ද්‍රව්‍ය ආනයන කිරීමේදී නව නීති.

සුවසැරිය ගිලන් රථ සේවයට සහාය.

ජාතික රෝහලට ලිංගාශ්‍රිත රෝග ඒකකයක්.

මාතර ළමා පරිපාලන ඒකකය කඹුරුපිටියට.

බේරුවල රෝහල සංවර්ධනයට මිලියන 375ක්.

හෘද රෝග නිවාරණ ඒකකයක් ඉදිකරිමට රිජ්වේ ආර්යා රෝහලට මිලියන 400ක්.

රජයේ බෙහෙත් ජාලය ශක්තිමත් කිරිමට රුපියල් මිලියන 100ක්/

පැණි බීම සඳහා සීනි ග්‍රෑමයකට ශත 50ක බද්දක්.

ළමයින් අතර බෝනොවන රෝග වැඩිවීම පාලනය කිරීමට කටයුතු කරනවා.

වකුගඩු ඒකක තුනක්.

ප්‍රවීණයන්ගේ තරග සඳහා ජාත්‍යන්තර නියෝජනය කරන අය වෙනුවෙන් මිලියන 50ක්.

ක්‍රීඩා සපත්තු ආනයනයේදී තීරු බද්ද ඉවතට.

තහනම් උත්තේජක භාවිතයේ ප්‍රවණතාව වැළැක්වීමට පියවර.

සුගතදාය ගෘහස්ථ ක්‍රීඩාංගණය රජය හා පෞද්ගලික අංශය එක්ව සංවර්ධනය වේ.

2020 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට.

දියගම සංවර්ධනය වේ.

දිස්ත්‍රික් හා පළාත් ක්‍රීඩාගාර සංවර්ධනය වේ.

දිගන, පොලොන්නරුව, කල්මුණ ක්‍රීඩාගාර සංවර්ධනය වේ.

මාතලේ හොකී ක්‍රිඩාංගණය දියුණු වේ.

ග්‍රාමීය ක්‍රීඩාංගණ 100ක් සංවර්ධනය කිරීමට මිලියන 100ක්.

මහපොළ නිර්නායක සඳහා සලකා බලන ආදායම් මට්ටම ලක්ෂ 3 සිට ලක්ෂ 5ට වර්ධනය වේ.

දේශීය වෛද්‍ය පශ්චාත් උපාධි පාඨමාලාවක්.

සම්ප්‍රදායික නොවන උපාධි පාඨමාලා හඳුන්වා දෙයි.

වෛද්‍ය අධ්‍යාපනය දියුණු කිරීමට රුපියල් මිලියන 1250ක්.

විශේෂ අවශ්‍යතා ඇති ශිෂයින් සඳහා අවධානය.

විද්‍යාපීඨ සිසුන් සඳහා දීමනාව වැඩි වේ.

ගුරුවරුන් පුහුණු කිරිමට මිලියන 1200ක්.

ස්මාට් පංති කාමර සඳහා මිිලියන 750ක්.

අවශ්‍යතාවට ගැලපෙන පරිදි අධ්‍යාපන විශයන් වෙනස් වේ.

අධ්‍යාපන ක්‍රමය අන්තර්ජාතික ශිෂ්‍ය ඇගයීම් ක්‍රමයක්.

ජාතික අධ්‍යාපන ආයතනය ප්‍රතිසංවිධානය වේ.

වසර 13ක අධ්‍යාපනක් ලබාදීමේ අරමුණ ඇතිව අධ්‍යාපනයට ලබාදෙන ප්‍රතිපාදන ව්‍යුහගත වේ. ඒ සඳහා මිලියන 3500ක්.

සිසු රක්ෂණ ක්‍රමය හා ටැබ් පරිගණක ලබාදීමේ පොරොන්දුව තවදුරටත්.

නව වෘත්තීය පුහුණු පාසල් පහක්.

යොවුන් සේනාංකය ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 2000ක්.

රුපියල් 6000ක් දක්වා යැපුම් පිරිවැයක් රජයෙන්.

රුකියා සඳහා සූදානම් කිරිමේ අරමුදලට රුපියල් මිලියන 2000ක්.

ප්‍රාථමික හා ද්විතික අධ්‍යාපනයට ආයෝජනය.

තරුණ ව්‍යවසයාකයන් සංවර්ධනය කිරීමට අදාළව ඔවුන්ට සමාන අවස්ථා.

රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාර සංවර්ධනය වේ.

ලියාපදිංචි සමාගම් සඳහා ඉඩම් මිලදී ගැනීමේදී ඇති සීමා ඉවතට.

ව්‍යාපාර ලියාපදිංචිය පහසු කිරිමට එක් ආයතනයක්.

ත්‍රිරෝද රථ නියාමන අධිකාරියක්.

ත්‍රිරෝද රථ රියදුරන් සංචාරක මඟ පෙන්වන්නන් වශයෙන් නොමිලයේ පුහුණුව.

සංචාරකයන්ට හිතැති ටුක් ටුක් සංකල්පයක්.

ඕෆ් රෝඩ් ක්‍රීඩා විදුලි වාහන සඳහා බදු සහන.

සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා නව පොලිස් ස්ථාන.

මාදුරු ඹය හා ගල් ඔය සෆාරි පහසුකම් සහිතව සංවර්ධනය වේ.

අභ්‍යන්තර ගුවන් තොටුපොළවල් පෞද්ගලික අංශයේ සහාය ඇතිව සංවර්ධනය වේ.

කොළඹ කොටුව, නානුඹය දුම්රිය ස්ථාන දුම්රිය කෞතුකාර ලෙස සංවර්ධනය වේ.

සංචාරකයන් අභිමුඛ වන පරිදි මත්පැන් බලපත්‍ර ලබාදීම වෙනස් වේ.

සංචාරකයන් සඳහා පහසුකම් සපයන නිවාස හිමියන්ට ණය ක්‍රමයක්.

2020 දී සංචාරකයන් මිලියන 4.5ක් පැමිණෙතැයි අපේක්ෂා කරනවා.

දැව හා දැව ආශ්‍රිත නිශ්පාදන වර්ධනය සඳහා නිර්මාණ සැකසුම් මධ්‍යස්ථානයක් මොරටුව විශ්වවිද්‍යාලය සමග ස්ථාපිත වේ.

මැණික් කර්මාන්තය නැංවීම සඳහා කැපීමට ගෙන්වන මැණික් සඳහා ජාතිය ගොඩ නැගීමේ බද්ද ඉවත් වේ.

ශ්‍රී ලංකාවේ මල් නිශ්පාදනය විදේශ වෙළඳපොළට ප්‍රවේශවීමට දියුණු කිරීමට යටිතල පහසුකම්.

කෙසෙල් හා අන්නාසි අපනයනය කිරීම දිරිමත් වේ.

ඉහළ නිශ්පාදන ඵලදාවක් සහිත පැළ නිශ්පාදනය දිරිමත් වේ.

කුකුළු පාලනය – දේශීය බඩ ඉරිඟු ආනනය ලිහිල් වේ.

රබර් කර්මාන්තයේ අගය එකතු කිරීමේ නිශ්පාදන සඳහා සහන.

පොල් තෙල් හා පොල් මද ආශිත නිශ්පාදන සඳහා ජාතිය ගොනැගීමේ බද්ද වසරකට ඉවත් වේ.

කුඩා තේ වතු හිමියන්ගේ ඵලදායිතාවය නැංවීමට රුපියල් මිලියන 250ක්.

කුළු බඩු කර්මාන්ත සඳහා සහන.

ගුණාත්මක අතින් ඉහළ නිශ්පාදන සඳහා නීති රීති.

කුරුඳු හා ගම්මිරිස් අගය එකතු කිරීම වර්ධනය වේ.

කිරි, ඹෟෂධ වැනි නිෂ්පාදයන් සඳහා කර්මාන්ත උපකරණ ආනයන කිරීමේදී බදු සහන.

ප්‍රමිති ආයතන සංවර්ධනය වේ.

තොරතුරු තාක්ෂණය වෙනුවෙන් කොළඹ හා මොරටුව විශ්වවිද්‍යාල වලින් පාඨමාලා.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සංවර්ධනයට රුපියල් මිලියන 3000ක්.

කුඩා හා මධ්‍යම ව්‍යාපාර ණය ලබා ගැනීමට ඇපකර අරමුදලකට රුපියල් මිලියන 500ක්.

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් ව්‍යාපාර සඳහා යොමුවීමේදී පොලී සහන.

කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ඔවුන්ගේ ව්‍යාපාර ශක්තිය ලබාදීමට කාන්තා ව්‍යවසායකයන් සඳහා පොලී අනුපාත සහනයක්.

මිලියන 500ක වියදමකින් කොටස්කරුවන් සහිත කුඩා ව්‍යාපර ඇති කිරීමට සහාය.

කුඩා ව්‍යාපාරවල නිරත පුද්ගලයන්ට සහන.
ව්‍යාපාරික කුසලතා දියුණු කිරීම සඳහා ආධාර.

ආනයන අපනයන සංවර්ධන බැංකුව ඉදිකිරීමට රැපියල් මිලියන 10000ක්.

සුළු ව්‍යාපාරිකයන් වෙනුවෙන් ව්‍යාපාරික යෝජනාවේ සක්‍යතාව සැලකිල්ලට ගෙන ඔවුන්ට ණය ලබාගැනිමට අවස්ථාව

ආනයන අපනයන සංවර්ධන බැංකුවක්.

අවධානම් දරන ව්‍යාපාරිකයන්ද රැකබලා ගැනීමේ වැඩපිළිවලක්.

සුළු ව්‍යාපාරිකයන් අැතුළු සියලුම ව්‍යාපාරිකයන් සඳහා පහසුකම් වර්ධනය වේ.

මුහුදු කූඩැල්ලන් ඇල්ලීම හා සැකසීම සඳහා විශේෂිත මධ්‍යස්ථානයක්.

වැවක් සහිත ගමක් වැඩසටහන තව දුරටත්.

වෙල්ලමංතර නව ධීවර වරායක්.

ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමට අඩි 55ට වැඩි බහුදින ධීවර යාත්‍රා වෙනුවෙන් වැය වන මිලෙන අඩක් රජය දරයි.

බහුදින යාත්‍රා වල පසු අස්වනු තාක්ෂණය වැඩි වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උසස් වේ.

කාලගුණ දත්ත මහජනතාවට නොමිලයේ.

කාලගුණ දර්ශන මත පදනම් වූ රක්ෂණ යෝජනා ක්‍රමයක්.

භෝගවර්ග 6ක් සඳහා අක්කරයකට රුපියල් 40000ක මුදලක්.

දායකත්ව රක්ෂණය සඳහා රුපියල් මිලියන 3000ක්

වැසි ජලය ක්‍රමවත් ආකාරයට රැස්කිරීම.

කුඩා හා මධ්‍යම වැව්වල රොන් මඩ ඉවත් කිරීමට රුපියල් මිලියන 1000ක්

විද්‍යා තාක්ෂණ හා නවොත්පාදන සම්බන්ධතා ලේකම් කාර්යාලයට රුපියල් මිලියන 25ක් වෙන්කරනවා. (Virtual Blue-Green institute)

රුපියල් මිලියන 1000ක වියදමින් මීගමුව, රැකව, පුත්තලම, නන්දිකඩාල් ඇතුළත් කලපු 10 සංවර්ධනය වේ.

ඒකාබද්ධ වෙරළ කලාප කළමනාකරණයක් ගොඩනැගීම.

ජංගම දුරකතන කුළුණු ඉදිකිරීම අ ෙෙධර්යමත් කිරිමට නව බද්දක්.

දෙහිවල කූඩු කළ සතුන් විවෘත කූඩු සංකල්පයට පරිවර්තනය වේ.

පින්නවල අලි අනාථාගාරය ප්‍රතිසංවිධානය වේ.

සෑම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශකයම ඇවිදීමේ පහසුකම් සහිත ශරීර සුවතා මධ්‍යස්ථාන සඳහා රුපියල් මිලියන 1500ක්. ( ‘Greening of Sri Lanka Program’ )

ආරුවක්කාලු කසළ මධ්‍යස්ථානය රුපියල් මිලියන 3000ක් .

පොලිතීන් කිලෝවක් නිශ්පාදනයට රුපියල් 10ක නිශ්පාදන බද්දක්.

යතුරු පැදි, මොටර් රථ හා බස් රථ සඳහා කාබන් බද්දක්.

සූර්ය බලයෙන් ක්‍රියාත්මක කෙරෙන Charging station පිහිටු වීමට පෞද්ගලික අංශය දිරිමත් කිරීමට යෝජනා.

එන්ජින් ධාරිතාව මත පදනම් වූ බදු සූත්‍රයක් හඳුන්වා දෙන බවත් ඩීසල් මගින් ධාවනය කෙරෙන ත්‍රිරෝද රථවල ආනයනික බදු රු. 50000කින් වැඩි කරන බවත් මුදල් අමාත්‍යවරයා පවසයි.

2040 වසර වන විට ඛනිජ තෙල්වලින් තොරව වාහන භාවිතයට යොමු වන බවත් විදුලියෙන් ධාවනය කෙරෙන වාහනවල බදු රු. ලක්ෂ 10කින් අඩු කරන බවත් මුදල් අමාත්‍යවරයා පවසයි.

අයවැය හිගය දළ දේශීය නිශ්පාදිතයෙන් 4.5%ක මට්මකට පවත්වා ගැනිමට අපේක්ෂා කරන බවත් මේ වසරේදී ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් අපි ඇති කර ගැනීමට අපි බලාපොරොත්තු වන බවත් මුදල් අමාත්‍යවරයා පවසයි.

මෙම අයවැය තිරසාර සංවර්ධන මූලධර්මය මත පදනම්ව සකස්කර තිබෙන බවත් ‘නිල හරිත අයවැය’ මෙවර අයවැයේ තේමාව බවත් මුදල් අමාත්‍යවරයා පවසයි.

සමස්ත අයවැය පරතරය 2020 වන වට දළ දේශීය නිශ්පාදිතයෙන් 3.5% ට අඩුවෙනු ඇති බවත් 2020 දී ආර්ථික වර්ධනය 6% ක මට්ටමකටත් මෙන්ම විදේශීය සංචිතය වර්ධනය කර ගැනීමටත් කටයුතු කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

රාජ්‍ය ආදයම දළ දේශීය නිශ්පාදනයෙන් සියයට 14 ට වර්ධනය කිරීමට වත්මන් රජයට හැකිවු බවත් රාජ්‍ය ආදායම දළ දේශිය නිෂ්පාදනයෙන් 20% දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යවරයා පවසයි.

ප්‍රධාන ආර්ථික ගැටළුව සීඝ්‍රයෙන් පහළ ගිය රාජ්‍ය ආදායම සහ රාජ්‍ය ණය බර බවත් වත්මන් රජය නවෝදපාදනය සහ සමානාත්මතාව තුලින් ආර්ථිකය ගොඩනැගු බවත් මුදල් අමාත්‍යවරයා පවසයි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා හිටපු මුදල් අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය පැසසුමට ලක් කලේ ය.

අයවැය 2018 (විසර්ජන පනත් කෙටුම්පත 2018) මුදල් හා ජනමාධ්‍ය අමත්‍ය මංගල සමරවීර මහතා විසින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කළේ ය.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------