Published On: Wed, Sep 6th, 2017

අද ප්‍රේමදාස පිටිය දෙවනත් කරන්න එන ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුලු නව නායකයා මෙන්න

Loading...
Share This
Tags

ඉන්දීය කණ්ඩායමේ මෙරට තරග සංචාරය තුළ ජයග්‍රහණ නියඟයකට හසුව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට සිය අභිමානය රැක ගැනීමේ අවසන් අවස්ථාව අද හිමිවනවා.

ඒ දෙරට අතර පන්දුවාර 20 ක්‍රිකට් තරගයේදී.

ඉන්දියාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරග තුනෙන්ම දරුණු පරාජයන්ට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින තරගාවලියේදී සිදුවුනේ ඉතිහාසයේ පළමු වරට මෙරටදී තරග 5 -0 ක පරාජයක් අත්විඳින්නටයි.

මේ හේතුවෙන් දෙරට අතර හෙට පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ ගිලිහී ගිය අභිමානය යම් තරමකින් හෝ ගොඩනගා ගැනීමට ලැබෙන අවසන් අවස්ථාවයි.

මෙම තරගය සඳහා 15 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයක් ඊයේ නම් කෙරුණු අතර ජෙෆ්රි වැන්ඩර්සේ, දසුන් ශානක සහ ඉසුරු උදාන ඊට කැඳවා තිබෙනවා.

ආබාධයකට ලක්වසිටි සුරංග ලක්මාල් සහ විකුම් සංජය ද මෙම පන්දුවාර 20 සංචිතයට ඇතුලත්.

මේ වසරේ ශ්‍රී ලංකාව සහභාගී වූ සියලු තරග අතුරින් යම් තරමක හෝ සාර්ථකත්වයක් දැකියහැකි වුනේ මෙම තරග රටාවේ දීයි.

මේ වසර තුළ සහභාගී වූ පන්දුවාර 20 තරග 8 න් 5 ක් ජයගන්නට ඔවුන් සමත්ව තිබෙනවා.

කෙසේ වෙතත් අද තරගය පැවැත්වෙන කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පන්දුවාර 20 තරග ඉතිහාසය ශ්‍රී ලංකාවට එතරම් සුබදායී නැහැ.

එහිදී සහභාගී වූ තරග 11 කින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන ඇත්තේ තරග 2 ක් පමණයි.

මෙතෙක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති පන්දුවාර 20 තරග 10 අතුරින් තරග 6 ක ජය ඉන්දියාවට හිමිව තිබෙනවා.

උපුල් තරංග නිත්‍ය සීමිත පන්දුවාර නායක ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව සහභාගී වන පළමු පන්දුවාර 20 තරගය මෙය වන අතර අද රාත්‍රී 7 ට තරගය ආරම්භ වීමට නියමිතයි.

අද තරඟයට බොහෝදුරට සහභාගී විය හැකි බවට විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

Sri Lanka (possible)

1 Niroshan Dickwella (wk)
2 Upul Tharanga (capt)
3 Dilshan Munaweera
4 Angelo Mathews
5 Milinda Siriwardana/ Ashan Priyanjan
6 Dasun Shanaka/Seekkuge Prasanna
7 Thisara Perera
8 Akila Dananjaya
9 Jeffrey Vandersay
10 Lasith Malinga

11 Vikum Sanjaya

අද තරඟයට බොහෝදුරට සහභාගී විය හැකි බවට විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළ ඉන්දීය කණ්ඩායම මෙන්න.

India (possible)

1 Virat Kohli (capt)
2 Rohit Sharma
3 KL Rahul
4 Manish Pandey
5 MS Dhoni (wk)
6 Kedar Jadav
7 Hardik Pandya
8 Kuldeep Yadav
9 Bhuvneshwar Kumar
10 Yuzvendra Chahal
11 Jasprit Bumrah
Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------