Published On: Sat, Oct 14th, 2017

ප‍්‍රභූ ආරක්‍ෂකයෝ මහ වලියක.. පොලිස් ලොක්කාට යුද හමුදාවෙන් පුටුවක් කැඩෙන්න පහර දෙයි.. කණත් කඩාගෙන කයි.

Loading...
Share This
Tags

සින්දු කියන්න එපා යැයි කියුවාට උරණ වී ඇමති ආරක්ෂක අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුට පහරදී කණක්ද සපා කෑමේ සිද්ධියකට අදාළ පරීක්‍ෂණ ආරම්භ වී ඇත.

පොලිස් නිලධාරියෙකු, යුද හමුදා නිලධාරීන් 10 දෙනෙකු, නාවික හමුදා නිලධාරීන් 8 දෙනෙකු සම්බන්ධයෙන් මෙසේ පොලිස් පරීක්ෂණ ආරම්භවී තිබේ.

ප‍්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්තව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ඉකුත් 07දා රාත්‍රී 10ට පමණ රාජකාරි කරනු ලැබූ මළලසේකර මාවතේ පිහිටි පොලිස් මුරපොල තුළ දීය.

පහර කෑමට ලක්වූ ප්‍රධාන පොලිස් නිළධාරියා නාරාහේන්පිට පොලිස් රෝහලේ 6 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.

අදාළ දින පෙරවරුවේ මෙම නිලධාරියා පාඨමාලාවකට සහභාගි වීමෙන් පසුව එය අවසන් වී සිය රාජකාරි නිවසේ රැඳී සිට ඇති අතර රාත්‍රී 7.00 ට පමණ සිය පොලිස් මුරපොල ආසන්නයේ සින්දු කියමින් පිරිසක් සිටින බවට දැනී තිබූ බවත් ඒ අවස්ථාවේදී ඒ දෙසට ගොස් එය නවතා දමන ලෙසට දැනුම් දී ඇති බවත් පැවසේ.

එහිදී එම ස්ථානයේ යුද හමුදාවේ උසස් නිලධාරීන් කිහිපදෙනකු නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් සහ පොලිස් භටයකු ද බීමතින් ගී ගයමින් සිට ඇති බව සඳහන් වේ.

පසුව එදින රාත්‍රි 10 ට පමණ එම නිලධාරියාගේ කාමරයට පැමිණි නාවික හමුදා සහ යුද හමුදා නිලධාරීන් විසින් පුටුවක් කැඩෙනතුරු මොහුට ගුටි බැට දී ඇති බවත් පොලිස් කොස්තාපල්වරයා විසින් ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයාගේ කණ සපා කා ඇති බවත් වාර්තා වෙයි.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------