Published On: Wed, Nov 15th, 2017

රූපලාවන්‍යාගාරය තුල මියගිය 21 හැවිරිදි තරුණියගේ මරණය ගැන සැකයක් (වීඩියෝ)

Loading...
Share This
Tags

අබිරහස්‌ ලෙස මියගිය බව කියන රූමත් තරුණ රූපලාවන්‍ය ශිල්පිනියකගේ මළ සිරුර ඊයේ (13 දා) පස්‌වරුවේ මීරිගම නගරයේ රූපලාවන්‍යාගාරයේ පුටුවක්‌ මත තිබියදී සොයාගත් බව මීරිගම පොලිසිය කියයි.

මෙසේ මියගොස්‌ ඇත්තේ කිතලවලාන මඩුගස්‌වත්ත පදිංචිව සිටි හෙනරත් හෙට්‌ටිආරච්චිගේ දිනේෂා චතුරංගනී නමැති 21 හැවිරිදි තරුණියකි. ඇගේ පියා මීරිගම පොලිසියට අනුයුක්‌තව රාජකාරි කරන නිලධාරියෙකි.

මීරිගම පස්‌යාල පාරේ ගොඩනැගිල්ලක උඩු මහලේ පිහිටි රූපලාවන්‍යාගාරයක තරුණියක වැටී සිටින බවට ලත් තොරතුරක්‌ අනුව හදිසි ගිලන් රථ සේවය එහි ගිය අවස්‌ථාවේ මෙම තරුණිය මියගොස්‌ ඇති බව හෙළිවීමෙන් පසු පොලිස්‌ පරීක්‌ෂණ ආරම්භ කර ඇත.

තරුණියගේ සිරුර රූපලාවන්‍ය කටයුතු සඳහා පාවිච්චි කරන පුටුවක්‌ මත තිබී ඇති අතර කරාමයකින් ජලය ගලා යාමෙන් එහි ඇතුළත ජලය රැඳී තිබූ බවද පොලිසිය සඳහන් කරයි. තරුණිය තනිවම සේවයේ යෙදී සිට ඇතැයිද අයිතිකාරිය කිසියම් කටයුත්තකට බැහැරව ගොස්‌ සිටි බවද මූලික පොලිස්‌ පරීක්‌ෂණවලදී හෙළිවී තිබේ. ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි මෙම ආයතනයට ඇතුළුවිය හැක්‌කේ එහි පිටුපස දොරින් පමණක්‌ බවද හෙළිවී තිබේ. තරුණිය හුදකලාව සිටියදී කිසියම් අපරාධයකට ලක්‌වූවාද එසේ නැත්නම් මරණය සිදුවූයේ කෙසේදැයි අනාවරණය කර ගැනීමට පරීක්‌ෂණ පැවැත්වේ.

අපරාධ ස්‌ථාන පරීක්‌ෂණ නිලධාරීන් සිද්ධිය වූ ස්‌ථානය නිරීක්‌ෂණය කළ අතර මේ පිළිබඳව අත්තනගල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මහෙස්‌ත්‍රාත් පරීක්‌ෂණයක්‌ පැවැත්වීමට නියමිතව තිබිණි.

ගම්පහ කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී මුදිත පුස්‌සැල්ල, අත්තනගල්ල සහකාර පොලිස්‌ අධිකාරි ඉන්දික සිල්වා යන මහත්වරුන්ගේ අධීක්‌ෂණයෙන් මීරිගම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක පාලිත අමරතුංග මහතා ඇතුළු නිලධාරීහු පරීක්‌ෂණ පවත්වති.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------