Published On: Wed, Feb 7th, 2018

බ්‍රිගේඩියර් ප්‍රියංකර අපේ රට ගැන කීව වැරදි කතාවලට පාරට බැහැලා උත්තර දුන්න හැටි (Video)

Loading...
Share This
Tags

මහත් ආන්දොලනයට තුඩුදුන් බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් අගනුවර ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂයේ නිරත වූ ඩයස්පෝරාවේ පිරිසකට මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා වශයෙන් කටයුතු කරන යුද හමුදා බි‍්‍රගේඩියර්වරයා අතින් ගෙළ සිඳ දමන ආකාරය නිරූපනය කිරීමේ සිද්ධිය මේ වන විට දැඩි ලෙස කතාබහට ලක්වෙමින් තිබෙනවා.

කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබුණේ වහාම ක්‍රියාත්මක වන පරිදි එම නිලධාරියාගේ සේවය අත්හිටුවා ඇති බවයි.

බි‍්‍රතාන්‍ය ශි‍්‍ර ලංකා මහකොමසාරිස්වරියගේ ඉල්ලීම අනුව ශ්‍රී ලංකා යුද හමුදාව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති අතර අදාළ බි‍්‍රගේඩියර්වරයා ශ්‍රී ලංකාවට ගෙන්වීමට කටයුතු කරන බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් මෙම සිද්ධිය ඇතිවීමට පෙර සිද්ධීන් මාලාවක් සිදුව ඇති බවත් එක් සිදුවීමක් පමණක් සමාජ ජාලා වෙඩි අඩවි ඔස්සේ ප‍්‍රචාරය වී ඇති බවද වාර්තා වනවා.

මෙම බි‍්‍රගේඩියර්වරයා මුලින්ම උද්ඝෝෂනකරුවන් සිටි දෙසට ගොස් ඔවුන් වෙත මුලින්ම කථා කර ඇති බවත් පසුව උද්ඝෝෂණකරුවෝ ඔහුට බැන වැදී ඔහු සමඟ ගැටුම් ඇතිකර ගැනීමට උත්සහ ගෙන ඇති බවත් නවතම වාර්තා පලවනවා.

ඔහු එහිදී පවසා ඇත්තේ විරෝධතාකරුවන් පවසන පරිදි උතුරේ මිනිස් ඝාතන සිදු නොවූ බවත් ඒ පිළිබඳව සොයා බැලීමට ඔහු සමඟින් උතුරේ සංචාරයකට හෝ පැමිණෙන ලෙසයි.

මෙහිදී විරෝධතාකරුවන් පවසා ඇත්තේ ශ්‍රී ලංකා රජය විසින් උතුරේ සිංහල ජනතාව පදිංචි කරවන බවයි. නමුත් එය හෙළා දැකපු බ්‍රිගේඩියර්වරයා උතුරේ එවැනි දෙයක් සිදු නොවන බවත් එය දැක ගැනීමට තමා සමග උතුරට ගොස් සොයා බැලීමට පැමිණෙන ලෙසත් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම තමිළ්නාඩුවේ දෙමළ ධීවරයන් 500ට වෙඩි තැබු බවටත් නඟන චෝදනාවටද බි‍්‍රගේඩියර්වරයා පිළිතුරු ලබාදී තිබෙනවා.

විරෝධතාකරුවන් විසින් නඟන මෙම චෝදනා අසත්‍ය බවත් එවැනි දෙයක් සිදුවන බවට සාක්ෂි ඇතිනම් ඉදිරිපත් කරමින් චෝදනා නඟන ලෙසත් මෙහිදී බි‍්‍රගේඩියර්වරයා ඔවුන්ට පවසා තිබෙනවා.

මේ එම අවස්ථාවේ වීඩියෝව පහතින් දකින්න.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------