Published On: Tue, Nov 7th, 2017

තෙල් ගහන්න පොලිමේ ඉද්දි, ප්‍රභූ රථයකට තෙල් ගහන්න ආපු පොලීසියේ රෙදි ගැලවූනු හැටි (වීඩියෝ)

Loading...
Share This
Tags

“කරන්න පුලුවන්දෙයක් කරන්න.. ඒවටනම් මම බය නෑ මහත්තයො..”

“කෑගහන්නේ බොරුවට නෙවෙයි.. ඇත්තට කෑගහන්නේ”

“කැමරා අයින් කරන්න එපා.. කවුරුවුනත් මගේ පොටෝ එක ගහලා දාන්න.. මට මොනවා කරන්නද?..”

පෙට්‍රල් ලබාගැනීමේ අරමුණින් අද දහවල් වනවිටත් ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් දක්නට ලැබුණු බව එහි සංචාරයක නිරතවූ හිරු වාර්තාකරුවන් සඳහන් කළා.

ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල පෙට්‍රල් නැත යනුවෙන් පුවරු පවා ප්‍රදර්ශනය කර ඇති අයුරු දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එමෙන්ම පිරවුම්හල්වලින් පෙට්‍රල් සීමාසහිතව නිකුත් කරන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පිරවුම්හල් බලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණා.

මේ අතර ඇතැම් පිරවුම්හල්වලට පොලිස් ආරක්ෂාවද යොදවා තිබුණේ පොම්පකරුවන් සහ පාරිභෝගිකයන් අතර ගැටුම් ඇතිවීම වළක්වාගැනීම සඳහායි.

පසුගිය දිනකද  ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ ගැටුමක් හටගෙ  තිබුණා.

මේ අතර අද දිනයේදීද ඉන්ධන ලබා ගැනීමට දිගු පෝලිමක් ඇති අවස්ථාවේ එකවරම ඉන්ධන පිරවුම් හල අසලට පැමිණි ප්‍රභූ වරයෙකුගේ රථයකට ඉන්ධන ලබා ගැනීමට පොලිස් ආරක්ෂාව යටතේ පැමිණි මොහොතක අසල සිටි පුද්ගලයෙකු නිර්භීතව බැන වදිමින් එයට විරෝධය දක්වන අයුරු වීඩියෝවක් මේවනවිට සමාජ ජාල මාධ්‍ය හරහා පැතිරයනවා.

කෙසේ වෙතත් මෙම පුද්ගලයාට අසල සිටින කිසිවෙකුගේත් සහය නොලැබෙන අතර මොහු එඩිතරව විරෝධය පාමින් සැවොම වෙනුවෙන් හඬ නගනවා.

එම වීඩියෝව පහතින්…

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------