Published On: Sun, Nov 12th, 2017

තරුණ කාන්තාවන් බලහත්කාරයෙන් ගණිකා ව්‍යාපාරයට යොමු කළ ඡාවාරමක් වැටලූ හැටි මෙන්න (වීඩියෝ)

Loading...
Share This
Tags

සැමියන්ගෙන් වෙන්ව ජීවත්වන බවත් හෙළිවෙලා..

එක් තරුණියක් රුපියල් 8000 කට අලෙවිවනවා….

හිමිකරු කාන්තාවන් සමග සූක්ෂම හිතවත්කම් ගොඩනගාගෙන…

තරුණ කාන්තාවන් බලහත්කාරයෙන් මහනුවර ප්‍රදේශයේ නිවසක රඳවාගෙන ගණිකා ව්‍යාපාරයේ යෙදවූ ජාවාරමක් හිරු සී.අයි.ඒ ලබාදුන් තොරතුරකට අනුව පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය වටලනු ලැබුවා.

අද සී.අයි.ඒ අනාවරණය එම වැටලීම පිළිබඳවයි.

මෙරට සූක්ෂමව සිදුකරන දූෂණ වංචා හඹායන හිරු සී.අයි.ඒ 2016 වසරේ ජනවාරි 9 වැනිදා මහනුවර ෆිම්රෝස් උද්‍යාන පෙදෙසේ තෙමහල් නිවසක තරුණියන් බලහත්කාරයෙන් රඳවා ගණිකා ජාවාරමේ යෙදවූ ක්‍රියාදාමයක් රටට හෙළිකළා.

හිරු සී.අයි.ඒ වෙත නැවතවරක් තොරතුරු වාර්තා වුණේ එම ස්ථානයට යාබද පෙදෙසක පාළු නිවසක් තුළ තවත් තරුණියන් පිරිසක් බලහත්කාරයෙන් රඳවා මුදලට අලෙවි කරන බවටයි.

අදාළ නිවස වෙත පැමිණෙන ගනුදෙනුකරුවන් නිවසේ දොරටුව අසළට පැමිණ එහි ඇති දුරකථන අංකයට ඇමතුමක් ලබාගත් පසු ආරක්ෂිත කැමරා මගින් නිරීක්ෂණයට  ලක්කෙරෙනවා.

ගනුදෙනුකරුවන්ට මෙහි දොරගුලු විවර වන්නේ ඉන් අනතුරුවයි.

මෙහිදී තරුණියක් රුපියල් 8000 කට අලෙවිවන අතර නිවසේ කාමර තුළ රඳවා සිටින තරුණියන් ගනුදෙනුකරුවන්ට පෙන්වන්නේ අදාළ ස්ථානයේ මුරට සිටිනා පුද්ගලයා විසින්.

මෙහි සිදුවන දෑ සියල්ල නිරීක්ෂණය කිරීමෙන් අනතුරු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත පානදුර වලාන දූෂණ මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් මෙම ස්ථානය වැටලීමට කටයුතු කළා.

වැටලීමේදී වයස අවුරුදු 24 ත් 30 ත් අතර පසුවන කාන්තාවන් සිව්දෙනෙකු සහ අදාළ ස්ථානයේ මුරකරු පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම කාන්තාවන් සැමියන්ගෙන් වෙන්ව ජීවත්වන අතර වැටලීමේදී හෙළිවූයේ මෙහි හිමිකරු කාන්තාවන් සමග සූක්ෂම හිතවත්කම් ගොඩනගාගෙන පසුව ඔවුන් මෙම ස්ථානයට ගෙන්වා බලහත්කාරයෙන් ගණිකා සේවයේ යොදවා ඇති බවයි.

මෙහි මුරට සිටිනා පුද්ගලයා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත්කිරීමක් සම්බන්ධයෙන් අධිකරණයෙන් දඬුවම් ලැබූවෙක් වන අතර කාන්තාවන් බලහත්කාරයෙන් රඳවාගෙන ආහාරපාන පවා සකස්කර දී තිබුණේ ඔහු විසින්.

මෙහි සිටි කාන්තාවන් සිව්දෙනා සහ මුරකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, කාන්තාවන් බලහත්කාරයෙන් ගණිකා ජාවාරමේ යෙදවූ මෙහි හිමිකරු සොයා ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------