Published On: Wed, Nov 15th, 2017

වැස්ස නිසා ගුරු විවේකාගාරයේ තනිව සිටි තරුණ ගුරුවරියට ගුරුවරයෙක් කරපු පහත් වැඩේ..

Loading...
Share This
Tags
ගුරු විවේකාගාරයේදී පාසල් ගුරුවරියක්ව වැළදගෙන ඇයව සිපගත් බව කියන එම පාසලේම ගුරුවරයෙකුව නවගත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව අධ්‍යාපන  කොට්ඨාසයට අයත් පාසලක සේවය කරන ගුරුවරයෙක් වන අතර ඔහු  30 හැවිරිදි විවාහක අයෙකි.
සිද්ධියට මුහුණ දී ඇත්තේ වයස අවුරුදු 28 ක් වන අවිවාහක ගුරුවරියකි.
පසුගිය 01 වැනිදා මෙම සිද්ධිය සිදුවී ඇති අතර පාසල නිමා වුවත් අධික වැස්ස නිසා නික්ම යාමට නොහැකි කම නිසා ගුරුවරිය පාසලේ ගුරු විවේකාරයේ රැදී සිට ඇත.
එම අවස්ථාවේදී ගුරු විවේකාගාරයට පැමිණ ඇති සැකකාර ගුරුවරයා “ඔයා මට බයද” යැයි විමසා එක් වරම තමාව වැළදගෙන සිප ගත් බවත්,එම අවස්ථාවේදී ඔහු තමන්ගේ ශරීරයේ අවයව ස්පර්ෂ කළ බවද සිද්ධියට මුහුණ දුන් ගුරුවරිය පොලීසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම සිද්ධිය සැළවීමෙන් පසුව සිද්ධියට සම්බන්ධ ගුරුවරයා සහ ගුරුවරියව වෙනත් පාසල් දෙකකට ස්ථාන මාරු කිරීමට ආණමඩුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා කටයුතු කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකාර ගුරුවරයාව ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
නවගත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි.
Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------