Published On: Tue, Nov 28th, 2017

වතුර බැරලයක ගිල්වා මරා දැමූ පුංචි බිළිඳිය “සියුමි” ගේ හද කම්පා කළ අනුවේදනීය කතාව (වීඩියෝ)

Loading...
Share This
Tags

“විනාඩි 20ක් විතර ගියාට පස්සේ වතුර බැරල් එකේ ඉදලා ගත්තේ”

“මව අල්මාරියට තියලා බෙල්ල තද කරලා”

කතරගම – මැණික්පුරගම ප්‍රදේශයේ නිවසකින් පැහැරගත් දෙමස් බිළිඳයක ඒ අසළ ජලය පිරවූ බැරලයක ගිල්වා ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ නිවසට බලහත්කාරයෙන් කඩා වැදුණු දෙදෙනෙකු විසින් මෙම ඝානතය සිදු කර ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාස 2යි දින 21ක් වයසැති සියුමි සාදනා නැමැති බිළිඳියක්.

26 වනදා පස්වරු 6 ට පමණ නිවසට පැමිණි දෙදෙනෙකු 19 හැවිරිදි මවට පහරදී දරුවා බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අසළ තිබූ වතුර පිරවූ බැරලයක ගිල්වා තිබෙනවා.

සිද්ධිය වන අවස්ථාවේදී ඔවුන් පදිංචිව සිටි නිවසෙහි කිසිවෙකුත් සිට නොමැති අතර, එම පුද්ගලයින් නිවස වෙත පැමිණ ඇත්තේ මවගේ ඥාතියෙකු සෙවීමේ අරමුණින්.

කෙසේවෙතත්, එම අවස්ථාවේදී බිළිඳියගේ මව ඔවුන්ගෙන් මිදී පලාගොස් නැවත නිවසට පැමිණ සිය බිළිඳිය පිළිබඳිව සොයා තිබෙනවා.

එම අවස්ථාවේදීයි නිවස අසල තිබූ ජලය සහිත බැරලයක තිබී දරුවාගේ සිරුර හමුවී ඇත්තේ.

කෙසේවෙතත් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පොලිස් කණ්ඩායම් 3ක් පත් කර තිබෙන බවයි වාර්තා වුණේ.

හම්බන්තොට මූලික රෝහලේදී බිළිඳයගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ මෙය දියේ ගිලීමෙන් සිදු වූ මරණයක් බවයි.

වීඩියෝව පහතින්..

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------