Published On: Fri, Dec 15th, 2017

පුංචි ජන්දයට නාමයෝජනා දෙන්න පොදුජන පෙරමුණ නායකයෙක් ලිංගික අල්ලස් ඉල්ලයි..

Loading...
Share This
Tags

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදීමට නම් ඔහු සමඟ කායික සම්බන්ධතාවයක් පැවැත්විය යුතු බවට  පොදුජන පෙරමුණේ ප්‍රධානියෙකු  තමන්ට ප්‍රකාශ කල බව මධූෂා රාමසිංහ මෙනෙවිය ප්‍රකාශ කර තිබේ.

මේ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබන මධූෂා, කිසි විටෙකත් තමන්  ලිංගික අල්ලස් ලබාදී නාම යෝජනා ලබා  ගැනිමට සූදානම් නැති බව ප්‍රකාශ කර ඇත.

පසුගිය සති කිහිපයේම නාමයෝජනා ලබාගැනීම සඳහා පැමිණි තරුණ කාන්තා  ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුගෙන්ම පොදුජන පෙරමුණේ ප්‍රධානීන් විසින් ලිංගික අල්ලස් ඉල්ලා ඇතිබවට  තොරතුරු වාර්තා වී ඇති අතර  මෙය වහාම විමර්ශණය කල යුතු බරපතළ ගණයේ චෝදනාවකි.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------