Published On: Wed, Feb 7th, 2018

දැඩි අවධානයට ලක්වූ බ්‍රිගේඩියර් ප්‍රියංක සේවයෙන් ඉවත් කිරීම ගැන ජනපතිගෙන් නියෝගයක්..

Loading...
Share This
Tags

බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරමින් සිටියදී එම තනතුරෙන් ඉවත් කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙහි යළි පිහිටු වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහාතා විදේශ කටයුතු අමාත්‍යාංශට නියෝග කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මේ අතර ඔහුට අහිමි වූ එම තනතුර නැවත ලබා ගැනීම සදහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කිරීමක්ද සිදු කර ඇති බවට වැඩිදුර තොරතුරු වාර්තා වේ.

අදාළ සිද්ධියෙන් අනතුරුව බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ සියලු වගකීම් ඉවත්කර ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කළ බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසී ය.

පසුව ජනපතිගේ විශේෂ මැදිහත්වීම යටතේ ඔහුගෙන් ඉවත්කළ වගකීම් නැවත ඔහු වෙත පවරා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යළි සේවයේ පිහිටුවන ලෙස ජනපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශට නියෝග කිරීමට කටයුතු කළ බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසී ය.

කෙසේ නමුත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු පිළිබඳව පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බව වාර්තා වේ.

යුද හමුදා නිලධාරියාගේ සේවය අත්හිටුවයි

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා වශයෙන් කටයුතු කළ යුද හමුදා නිලධාරියාගේ සේවය අත්හිටුවා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ (06) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

70 වැනි නිදහස් දිනය වෙනුවෙන් ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උත්සවය පැවැත්වෙන අතරතුර , මහ කොමසාරිස් කාර්යාලය ඉදිරියේ විරෝධතාවක නිරත වන පිරිසකට මෙම හමුදා නිලධාරියා ‘ගෙල සිඳ දමන’ ආකාරය අතින් නිරූපණය කිරීම දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යවල සහ ඇතැම් වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව තිබිණි.

මෙම නිලධාරියාගේ සේවය අත්හිටුවන්නැයි බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමාරි මන්දිකා විජේවර්ධන මහත්මියට දැනුම් දී ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය දැක්වේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.

“ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුබද්ධව සේවය කරන අමාත්‍ය උපදේශකවරයා (ආරක්ෂක) ආක්‍රමණශීලි ආකාරයකින් හැසිරුණේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ සහ අන්තර්ජාල මාධ්‍යවල සංසරණය වෙමින් පවතින වීඩියෝ දර්ශන පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සිය දැඩි අවධානය යොමු කර ඇත.

මේ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍ය උපදේශකවරයාගේ (ආරක්ෂක) සේවය අත්හිටුවන ලෙසට ලන්ඩන් නුවර සිටින ශ්‍රී ලංකා මහකොමසාරිස්තුමිය වෙත අද දින එනම් 2018 පෙබරවාරි 06 වැනි දින උපදෙස් යවා තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු ශ්‍රී ලංකා බලධාරීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කරනු ඇත”.

කෙසේ වෙතත් පසුගිය 04 වන දින මෙම සිද්ධිය සිදුව තිබු අතර එම අවස්ථාව පටිගත වු වීඩියෝ පට අන්තර්ජාලයේ හා සමාජ ජාලා ඔස්සේ ප‍්‍රචාරය වී තිබුණි.

මෙම සිද්ධිය ඇතිවීමට පෙර සිද්ධීන් මාලාවක් සිදුව ඇති බවත් එක් සිදුවීමක් පමණක් සමාජ ජාලා වෙඩි අඩෙවි මගින් ප‍්‍රචාරය වී ඇති බව උසස් හමුදා නිලධාරියකු සඳහන් කළේය.

මෙම බි‍්‍රගේඩියර්වරයා මුලින්ම උද්ඝෝෂණ කරුවන් සිටි දෙසට ගොස් ඔවුන් වෙත මුලින්ම කථා කර ඇති බවත් පසුව උද්ඝෝෂණකරුවෝ ඔහුට බැන වැදී ඔහු සමඟ ගැටුම් ඇතිකර ගැනීමට උත්සහ ගෙන ඇති බවට තොරතුරු ලැබුණ බවද එම උසස් නිලධාරියා පැවසී ය.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------