Published On: Thu, Jan 11th, 2018

ක්‍රිකට් ලෝකය කළඹමින් සංගා යළි ක්‍රිකට් වෙනුවෙන්…

Loading...
Share This
Tags

කුමාර් සංගක්කාර අපේ රටේ ක්‍රිකට් වෙනුවෙන කල කැපකිරීම අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඔන්න ආයෙමත් සංගා ක්‍රිකට් වෙනුවෙන් පෙනී ඉන්න කරලියට ඇවිල්ලා ඉන්නවා. හැබැයි ක්‍රිකට් ගහන්නම් නෙවෙයි. ක්‍රිකට් වෙනුවෙන් ලොකු වැඩක් කරන්න තමයි සංගා මේ විදියට ඉදිරියට ඇවිත් ඉන්නෙ.

ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් උළෙලට ඇතුළලත් කරන්න දරන උත්සාහයට  සහය දෙන්න කියලා  කුමාර් සංගක්කාර ඇතුළු මාලිබෝන් ක්‍රිකට් සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුව විසින්  ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.කෙසේ නමුත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයනම් ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුලත් කිරීමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ.

මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට ඒකරාශී වූ කමිටුවේ සාමාජිකයින් පසුව  ප්‍රවෘත්ති සාකච්ඡාවකට ද එක්වුණා.

එහිදී අදහස් දැක්වූ කුමාර් සංගක්කාර.

සියලුම  ප්‍රධාන රටවල් මේ සඳහා සහභාගී කර ගන්න පුළුවන්නම් එය පරිපූර්ණ තරගයක් වේවි. 2024 ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ඇතුලත් කර ගැනීම එතරම් පහසු කාඍණයක් නෙමෙයි. මොකද ඒ සඳහා සූදානම් වීම දැනටමත් ආරම්භ කරලා. නමුත් 2028 ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ඇතුලත් කිරීම අතිශයින්ම සාර්ථක කර ගන්න පුළුවන් ඉලක්කයක්.මේ වන විට 2028 ඔලිම්පික් උළෙල පිලිබඳ සාකච්ඡා පැවැත්වෙනවා.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------