Published On: Mon, Jan 8th, 2018

” මොකද හදිස්සියෙන්, මොකක්‌ හරි කරදරයක්‌වත්ද ” උදේ පාන්දරම නාමල් රාජපක්ෂ , මෛත්‍රී ඇමතූ අරුම පුදුම හේතුව..

Loading...
Share This
Tags

වසරක් ගතවී නව වසරක් උදාවී තිබේ. නව වසර එලබුනු පසුගිය ජනවාරි පළමු වෙනිදා දේශපාලන කරළියේ සිදුවූ අපූරු සිදුවීමක් පිළිබදව වාර්තා වෙනවා.

නව වසර උදාවීම පමණක් නොව දුරුතු පෝය දිනයද යෙදී තිබුණේ ජනවාරි පළමුවැනිදාටය. එයද සඳුදා දිනයක්‌ වූ බැවින් ජනාධිපතිවරයාට කටයුතු බොහෝ තිබිණි. බොහො දෙනා ජනාධිපතිවරයා අමතා සුභ පැතූ අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අහිශය කාර්යබහුල වී තිබුණි.

මේ අතර පසුගිය ජනවාරි පළමුවැනිදා උදයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට තම දුරකථන හුවමාරුකරුවන්ගෙන් පණිවිඩයක්‌ ආවේය…

සර්ට පාර්ලිමේන්තු මන්ත්‍රීතුමෙක්‌ කතා කරනවා… ඔය පැත්තට දාන්නද…

“කවුරු කියලද කියන්නේ” ජනපතිවරයා ඇසුවේය

නාමල් මන්ත්‍රීතුමා කියලයි කිව්වේ…. ඉන් විමතියට පත් ජනාධිපතිවරයා එම ඇමතුම තමන් වෙත ඉදිරිපත් කරන්නැයි උපදෙස්‌ දුන්නේය.

“කොහොමද නාමල්… මොකද හදිසියෙන්… මොකක්‌ හරි කරදරයක්‌ වත්ද”…

“නැහැ ජනාධිපතිතුමා… අලුත් කරදරයක්‌ නම් මුකුත් නෑ… අලුත් අවුරුද්ද ඔබතුමන්ට සුබ පතන්නයි ඇමතුමක්‌ ගත්තේ… ඔබතුමාට සුබ අලුත් අවුරුද්දක්‌ වේවා”….. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එසේ කියමින් දුරකථනය විසන්ධි කළේය.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------