Published On: Tue, Nov 7th, 2017

කෝටි ගණනක මුදලින් ගණිකා පහස ලැබූ කෝටිපති ගෙවල් බිදින හොරා හසු වූ හැටි….

Loading...
Share This
Tags

දිවා කාලයේ වසා ඇති නිවෙස්‌ තුළට රිංගා එම නිවාසවල ඇති වටිනා දේපළ සොරකම් කර එම මුදලින් කැසිනෝ ගසමින් ගණිකාවන් ඇසුරට ගිය සැකකරුවකු පිළිබදව වාර්තා වෙනවා. ඒ රණාල ප්‍රදේශයෙන්.
නවගමුව රණාල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සැකකරු 45 හැවිරිදි එක්‌දරු පියෙකි. සිය විවාහක බිරිඳගෙන් වෙන්වී රාගම ප්‍රදේශයේ නිවසක්‌ කුලියට ලබාගෙන එහි පදිංචිය සනාථ කරමින් ග්‍රෑන්ඩ්පාස්‌ ප්‍රදේශයේ කාමරයක නේවාසිකව සිට මෙසේ දිවා කාලයේ ගෙවල් බිඳුම් සිදුකර තිබීම විශේෂත්වයකි.

උදෑසන රැකියාවකට යන ආකාරයෙන් හැඳ පැළඳ තමන්ට සිතූ ප්‍රදේශයක පාගමනින් ඇවිද යන මෙම සැකකරු වසා ඇති නිවෙස්‌ වෙත ගොස්‌ එහි විදුලි සීනුව නාද කර නිවැසියන් එයට ප්‍රතිචාර දැක්‌වුවහොත් ව්‍යාජ ලිපිනයක්‌ පෙන්වා ඒ මත තොරතුරු විමසීම් කිරීම් හෝ එහි නිවැසියන් නොමැති බවට තහවුරු වුවහොත් නිවසේ ජනේලයක්‌ ගලවා එම නිවස තුළට රිංගා එහි දේපළ සොරාගැනීමට පුරුදුව සිට ඇති බව සදහන්.

මෙලෙස තලංගම, මහරගම, කොහුවල, අතුරුගිරිය ඇතුළු ප්‍රදේශ ගණනාවක නිවාස 15 කට අධික සංඛ්‍යාවක්‌ මෙම සැකකරු විසින් බිඳ තිබූ බව පැවසෙනවා.
අත්අඩංගුවට ගන්නා විට ඔහු සතුව තිබූ රුපියල් ලක්‍ෂ 25 කට අධික වටිනාකමක්‌ ඇති රන් භාණ්‌ඩ, රුපියල් ලක්‍ෂ දෙකකට වඩා වටිනා රිදී භාණ්‌ඩ සහ මිල ගණන් තක්‌සේරු කර ගැනීමට නොහැකි වටිනාකමක්‌ ඇති මැණික්‌ ගල් තොගයක්‌ සමග ලැප්ටොප් පරිඝනක පොලිසිය විසින් සොයාගෙන තිබිණි.

මෙම සැකකරු කැසිනෝ ආයතනයන්හි ලියාපදිංචි සාමාජිකයකු වන අතර මීට අමතරව මුදලට ගත් සුරූපී ළඳුන්ගේ ඇසුරට තදින්ම ඇබ්බැහි වූවෙකි. මෙම සැකකරු මත්ද්‍රව්‍ය කිසිවක්‌ පානය නොකරන අතර වයස අවුරුදු විස්‌සේ සිට මෙලෙස සොරකම් කර උපයාගත් මුදල් ගණිකාවන් වෙනුවෙන් වියදම් කර තිබෙන බවද පොලිස්‌ විමර්ශන මගින් හෙළිවී තිබිණි.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------