Published On: Sun, Jan 28th, 2018

වගකිවයුත්තන්ගේ නම් ද ලියා තබා සිසුවෙකු සියදිවි නසාගනී (VIDEO)

Loading...
Share This
Tags
හැටන් පොලිස් වසමට අයත් ඇබොර්ස්ලි වතුයායේ මොන්ටිෆෙයාර් ප්‍රදේශයේ වතු නිවාස පේලියක පදිංචිව සිටි පාසල් සිසුවෙක් නිවස තුළ ගෙලවැළලාගෙන මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ හැටන් ඇබොර්ස්ලි දෙමළ මහා විද්‍යාලයේ නව වසරේ අධ්‍යාපනය ලබමින් සිටි ප්‍රසාන්ත් කුමාර් නැමැති පාසල් සිසුවෙක්.
ඊයේ පස්වරු 5.45 ට පමණ තම නිවසේ බාල්කයක මෙම සිසුවා ගෙලවැලලාගෙන මියගොස් තිබෙනවා.
පාසලේ සිදුකළේ යැයි කියන සොරකමක් සම්බන්ධයෙන් එම විදුහලේ විදුහල්පතිවරයා විසින් මෙම සිසුවා ඇතුලූ තවත් සිසුන් දෙදෙනෙකුට ඊයේ දිනයේ තරවටු කර ඇති බව පැවසෙනවා.
එම සිද්ධියෙන් පසු පාසල මෙම මියගිය සිසුවා නිවසට පැමිණි සිටි අවස්ථාව‍ෙ සොරකමට සම්බන්ධ යැයි පැවසෙන සෙසු සිසුන් දෙදෙනාගේ ඥාතින් පැමිණ සිසුවාට පහරදි බියගැන්වීමේ සිද්ධීයක් නිසා මෙම සිසුවා ලිපියක් ලියා තබා සියදිවි හානි කරගෙන ඇති බවට හැටන් හදිසි මරණ පරික්‍ෂක එමි.ජේ.එමි ෆසීර් විසින් කරන ලද හදිසි මරණ පරික්‍ෂණයේදි කරුණු අනාවරණය වි තිබෙනවා.
මියගිය සිසුවා මරණයට හේතු වූ පුද්ගලයින්ගේ නම් ඇතුළත් ලිපියක් ද ලියා තිබෙනවා.
සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්‍ෂණය සදහා නාවලපිටිය අධීකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර සිද්ධිය පිළිබදව හැටන් පොලිසිය පරික්‍ෂණ පවත්වනවා.
මෙම සිද්ධිය ආවරණය කිරිමට ගිය මාධ්‍යවේදීන්ට හැටන් පොලිස් කොටිඨාසයේ අපරාධ ස්ථාන පරික්‍ෂක නිළධාරියෙකුගෙන් දැඩි බාධාවක් එල්ල වුණා.
මෙම නිළධාරියා ඇතුලූ හැටන් පොලිස් කොටිඨාසයේ අපරාධ ස්ථාන පරික්‍ෂක නිළධාරින් කිහිපදෙනෙකු විසින් සිදුකළ වංචාවක් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් හෙළිදරවි කිරිමෙන් පසු  මෙම නිළධාරියා මාධ්‍යවේදීන් සමග උරණ වි මෙසේ මාධ්‍ය ආවරණ කටයුතුවලට බාධා කරමින් සිටිනවා.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------