Published On: Sun, Jan 28th, 2018

සමාජ ජාලා හරහා මෙහෙය වූ කැකිරාවේ අමුතු පාටිය…!! තුන් දෙනෙක් දැලේ.

Loading...
Share This
Tags

කැකිරාව රෝහල අසළ මහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය ‘පෙති පාටි’ නමින් හඳුන්වන සුහද හමුවක් වටලා සකකරුවන් තුන්දෙනෙකු අත් අඩංගුවට ගැනීමට  උතුරුමැද සුරාබදු කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සමත්ව ඇති බව වාර්තා වෙනවා. එහිදී  බීර බෝතල් 68ක් සහ මත් පෙති 30ක් සමඟින් ඔවුන් අත් අඩංගුව ‍ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

මෙම සුහද හමුවේදී බීර බෝතලයක් රුපියල් පන්සීයකටද මත් පෙත්තක් රුපියල් තුන්දහස් අටසියයකටද අලෙවි කරන ලද බව හෙළිවී තිබෙනවා. මෙම මත් පෙති පාවිච්චි කළ පසුව රැගුම්පෑමේදී සහ ලිංගික කාර්යයේදී වෙහෙසක් නොදැනෙන බව පැවසෙන අතර මේවා සමාජශාලා පෙති (club pill) සාද පෙති (party pill) ලෙස හඳුන්වන අතර උත්තේජක ඖෂධ (stimulant)  යනුවෙන් හැදින්වෙනවා.

මෙම ඖෂධ වලට පුද්ගලයන් ඇබ්බැහිවන බවත් අවසානයේ ඒවාට ඇබ්බැහි වන්නවුන් විවිධ රෝගාබාධ වලට ලක්ව අකාලයේ මිය යන බවත් ප්‍රකාශ කරන වෛද්‍යවරු රෝගීන් සඳහා වෛද්‍ය නිර්දේශ මත ඉතා සීමිත ලෙස නිකුත් කරනු  ලබන බවයි සඳහන් වෙන්නේ‍ෙ

සුරා බදු නිලධාරීන්  විසින් මෙම ස්ථානය වටලන අවස්ථාවේදී නවීන ඇඳුම් විලාසිතා වලින් සැරසුණු තරුණ තරුණියන් විශාල පිරිසක් මීට එක්ව සිටි බවද දැනගන්නට ලැබෙනවා.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------