Published On: Thu, Jan 11th, 2018

ප‍්‍රබල දේශපාලඥයා ප‍්‍රසිද්ධ පාසැලේ විදුහල්පතිනිය දණ ගස්වා දඬුවම් දෙයි.. තමන්ට වන්දවාගනී..

Loading...
Share This
Tags

ඌව පළාත නියෝජනය කරන ප‍්‍රබල දේශපාලඥයෙකු විසින් බදුල්ල දිස්ත‍්‍රික්කයේ පාසැලක විදුහල්පතිවරියක් තම නිවසට ගෙන්වා දණ ගස්වා දඬුවම් දී ඇති බවට ශ‍්‍රී ලංකා මානව හිමිකම් කේන්ද‍්‍රය චෝදනා කරයි.

මෙසේ දණ ගස්වා ඇත්තේ ඌව පළාත් සභාව යටතේ පාලනය වන දෙමල පාසැලක විදුහල්පත්වරියකි.

අදාල දේශපාලඥයාගේ ලිපියක් රැුගෙන නවක සිසුවියක් පාසැලට ඇතුලත් කිරීමට ගිය විට එම ලිපිය ප‍්‍රතික්‍ෂෙප කලේ යයි විදුහල්පතිවරිය කැදවා මෙම දඬුවම දී ඇතැයිද ඔවුන් චෝදනා කරයි.

තමන් බැදි සිටින්නේ අධා්‍යපන අමාත්‍යංශ බලධාරීන්ගේ නියෝග ඉටු කිරීමට මිස දේශපාලඥයන්ගේ නියෝග ඉටු කිරීමට නොවන බව විදුහල්පතිවරයා එම දෙමවුපියනට සදහන් කර ඇත.

මේ බව දැනගත් එම දේශපාලඥයා විදුහල්පතිනිය තම නිල නිදසට ගෙන්වාගෙන තමනට වැද සමාව ගන්නා ලෙස පවසා ඇති අතර පසුව බලහත්කාරයෙන් වන්දවාගෙන ඇතැයිද එම සංවිධානය කියා සිටී.

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------