Published On: Wed, Jan 31st, 2018

සිංහ – බංගලි ටෙස්ට් සටන ඇරඹෙයි – අද තරඟයට යන ශ්‍රී ලංකා පිල මෙන්න..!

Loading...
Share This
Tags

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත් ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලියේ පළමු තරගය අද (31 දා) චිතගොං හිදී ආරම්භ වේ. මෙය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ. ව. 9.00 ට පමණ ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර 2017 වසරේ පැවැති ටෙස්‌ට්‌ තරගාවලිය 1-1 ක්‌ ලෙස සමකර ගැනීමට බංග්ලාදේශය සමත් වූ අතර එය බංග්ලාදේශය ශ්‍රී ලංකාවට එරෙහිව ලද පළමු ටෙස්‌ට්‌ ජයග්‍රහණය ලෙස ද සටහන් වේ. කෙසේ වෙතත් තුන්කොන් එක්‌දින තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාව දිනා ගැනීමෙන් පසුව ටෙස්‌ට්‌ තරගාවලිය ජය ගැනීමට කදිම උත්තේජනයක්‌ මේ වනවිට ලැබී තිබීම බංග්ලාදේශයට අතිරේක පීඩනයක්‌ ගෙන දෙන්නක්‌ වී තිබේ.

නව පුහුණුකරු චන්දික හතුරුසිංහ කෙරෙහි කණ්‌ඩායමේ සියලුම ක්‍රීඩකයන් ඉතාමත් විශ්වාසයෙන් කටයුතු කරන බව ටෙස්‌ට්‌ නායක දිනේෂ් චන්දිමාල් පවසයි. ඒ අනුව ඔහුගේ විශිෂ්ට සැලසුම් සමඟ හතුරුසිංහ හොඳින් හඳුනන බංග්ලාදේශ පිල අමාරුවේ දැමීමේ වැඩි අවස්‌ථාවක්‌ ශ්‍රී ලංකාව සතුව පවතී.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මෙතෙක්‌ පැවැති ටෙස්‌ට්‌ තරග 18 කදී ශ්‍රී ලංකාව ජයග්‍රහණ 15 ක්‌ ලබා ඇති අතර එක්‌ තරගයක්‌ පරාජය වී තිබේ. තරග දෙකක්‌ විසඳුමකින් තොරව නිමා විය. කෙසේ වෙතත් මේ වනවිට ශ්‍රී ලංකාව ටෙස්‌ට්‌ ශ්‍රේණියේ ප්‍රසාද ලකුණු 94 ක්‌ ලබා හය වැනි ස්‌ථානයේ පසුවන අතර බංග්ලාදේශය ප්‍රසාද ලකුණු 72 ක්‌ ලබා නව වැනි තැන පසුවේ.

දිනේෂ් චන්දිමාල් ටෙස්‌ට්‌ පිතිකරුවන් අතර නව වැනි තැනට පත්ව ඇති අතර බංග්ලාදේශ කිසිදු පිතිකරුවකු පළමු පිතිකරුවන් දහ දෙනා අතරට ඇතුළත්ව නැත. හොඳම ටෙස්‌ට්‌ පන්දු යවන්නන් අතර රංගන හේරත් හය වැනි තැන පසුවන අතර කිසිදු බංග්ලාදේශ පන්දු යවන්නකු එම දහ දෙනා අතරට ඇතුළත්ව නැත. කෙසේ වෙතත් ලොව හොඳම ටෙස්‌ට්‌ තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පළමු තැන සිටින බංග්ලාදේශ පිලේ ෂකීබ් අල් හසන්ට අවසන් එක්‌දින තරගයේ සිදුවූ ආබාධය හේතුවෙන් මෙම තරගය අහිමිව තිබීම ද බංග්ලාදේශයට තවත් පීඩනයක්‌ ගෙන දී තිබේ.

මේ අතර ශ්‍රී ලංකා පිලට අභියෝගයක්‌ එල්ල කිරීමේ අරමුණ ඇතිව බංග්ලාදේශය වසර කිහිපයකට පසුව අබ්දුර් රසාක්‌ව කණ්‌ඩායමට එක්‌කර තිබේ. ෂකීබ්ගේ ආබාධය හේතුවෙන් අබ්දුල්ව කණ්‌ඩායමට එක්‌ කිරීමට බංග්ලාදේශ තේරීම් කමිටුව තීරණය කර තිබේ. අබ්දුල් ටෙස්‌ට්‌ කඩුලු 200 ක්‌ දවාගත් පන්දු යවන්නෙකි. මීට අමතරව පළමු පෙළ කඩුලු 500 කට ඔහු හිමිකම් කියයි.

අද තරඟයට ක්‍රීඩා කරනු ඇතැයි පැවසෙන කණ්ඩායම මෙසේය.

දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්‌, දිනේෂ් චන්දිමාල් (නායක), රෝශේන් සිල්වා,නිරෝෂන් දික්‌වැල්ල,දිල්රුවන් පෙරේරා, රංගන හේරත්, සුරංග ලක්‌මාල්, ලක්‌ෂාන් සඳකැන්,ළහිරු ගමගේ

Loading...

About the Author

-

Loading...
--------------- Paid Advertisements ---------------
------- SriGift Ad -------
--------------- Paid Advertisements ---------------
------- Web Design Sri Lanka -------